#කෙටිකතාව
ඒයි වයිට් ෂ(ර්)ටා මෙහෙ වරෙන්
මචන් ෂේප් එකේ කතා කරහන්. දන්නවනෙ සීනියර්ස්ලාගෙ හැටි. මේක ප්‍රයිවට් නිසා රැග් තහනම් වුනාට හොරාට යටින් යටින් රැග් යනවා.
ඒයි උබට කතා කලාම එන්න බැරිද,ඇයි බුලතුත් අරන් අපි ඔතෙන්ට එන්න ඕනිද.
හරි බන් මන් යනවා. උබ කැපටේරියා එකේ හිටහන්.
එසේ තම මිතුරා වූ තෙමාල්ට පැවසූ දමීෂ බිම් බලගෙනම සීනියර්ස්ලා සිටින ග්‍රීන් ගා(ර්)ඩ්න් එකට යන්නට විය.
HmZ යනු ප්‍රයිවට් කැම්පස් එකකි. රජයේ කැම්පස්වල වගේ නොව මෙම කැම්පස් එකෙහි රැග් කිරීම තහනම් වේ. මෙම කැම්පස්හි සිටින බහුතරයක් සිසුන් ධනවත් පවුල්වල දරුවන් වන අතර සීමිත පිරිසක් මධ්‍යම ප්‍රාන්තික පවුල්වල දරුවන් ය. රැග් කිරීම තහනම් වුවත් කාගෙත් ඇස් වසා වසූද ඇතුළු සගයන් කපටි ලෙස නවක සිසුන් රැග් කරයි. අද ඔවුන්ගේ දඩයම දමීෂ ය. ඔහු මධ්‍යම ප්‍රාන්තික පවුලක දරුවෙකි.
ඇයි අයියේ කතා කළේ??
ආ උබ දන්නෙම නැහැ ඇයි අපි කතා කළේ කියලා නේද? උබ නේද ප්‍රෙෂර් නයිට් එකේ සංසාර සිහිනෙ සින්ග් කළේ.
ඔව් අයියේ
හරි අද එහෙනම් උබ ඒකම සින්ග් කර කර කළගෙඩි ඩාන්ස් එකක් දාපන්.
ඒත් මේ මේ.....
ඇයි දැන් උබට බැරිද😡😡😡
පු..පුලුවන් අයියේ..😔😔😔
හරි පටාාාන් ගනින්.සලිතයා උබ වීඩියෝ කරහන්.
එළ මචං..👍👍
දමීෂ ඉතා අසරණ ලෙස ඔවුන් කී අයුරෙන් කරන්නට ලෑස්ති විය. එය නොකලොත් මෙතනින් යා නොහැකි බව දමීෂ හොදින්ම දනී. ඒ වගේම මේ වෙලාවට කවුරුත් ම ග්‍රීන් ගා(ර්)ඩ්න් එකට නොඑන බවද ස්ථීරය.
🎤🎤සංසාර සිහිනේ පෙරමග🎤🎤
ස්ටෝප් දිස්...
එකපාරටම ඔවුන් සිටි ස්ථානයට නුදුරින් ම ඇසුනේ කෙල්ලෙකුගේ කටහඬයි. හැමෝම ඒ පැත්ත හැරී බැලුවා. වසූද සහ සගයන් තරමක් තැති ගන්නට විය. දමීෂට මැයව හුරුපුරුදු ගතියක් දැනුනාට කවුරුන්ද යන්න මතක් නොවීය.මේ අතරේ කටහඬේ හිමිකාරිය රතු වුනු දෑසින් ඔවුන් සිටි තැනට ආවා.
මොකක්ද වසූද මෙතන වෙන්නේ.
සියල්ලන්ම බිරාන්ත වී ඇය දෙස බලා සිටී. සැබැවින් ම ඇය ඉතාමත් පැහැපත් සමක් හිමි රූමත් තරුණියකි. ඉතාමත් අහිංසක පෙනුමක් තිබුණාට ඇත්තටම ඇය අහිංසක නැත.කිසිවෙකුගෙන් පිළිතුරක් නැති තැන ඇය හැරුනේ දමීෂ දෙසටයි. ඇගේ සෘජු බැල්මට දමීෂ වශී විය.
මල්ලී, ඔයා නිව් ස්ටුඩන්ට් කෙනෙක් නේද. බය නැතිව මට කියන්න මොකක්ද මෙතන වුණේ කියලා. ඔයා නිව් නිසා මාව අදුර ගන්න බැරුව ඇති.මන් තමා ස්ටුඩන්ට් කවුන්සිල් එකේ ප්‍රසිඩන්ට්.
මෙතෙක් වෙලා වශී වී සිටි දමීෂ පියවි සිහියට ආවේ එවිටයි.දමීෂ කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිව ඇගේ මුහුණ දෙසම බලාගෙන ඉන්නට විය. එවිටම වසූද කතා කරන්නට විය.
ප්ලීස් යසස්වී අපි මුකුත් කලේ නැහැ. මේ මල්ලිත් එක්ක කතා කළා විතරයි.
ඔව් වසූද මන් දැක්කා. මන් ඔයාලා කතා කරනවා බලාගෙන ඉදලමයි මෙතෙන්ට ආවෙ.
නැ..නැහැ යසස්...
ඔහ් ෂටප් වසූද. ඔයා ගැන මේ වෙනකොට ස්ටුඩන්ට් කවුන්සිල් එකට ගොඩාක් කම්ප්ලේන්ස් ඇවිල්ල ඉවරයි. අනික දැන් මගෙ අතටම අහු වුණා. මැනේජ්මන්ට් එකෙන් දාලා තියෙන රූල්ස් කැඩුවොත් මොකද වෙන්නේ කියලා ඔයා දන්නවානේ.
වසූද සහ සගයන් බිම බලා ගන්නට විය. රැග් දී හසු වුවහොත් පනිෂ්මන්ට් ලෙස කැම්පස් එකෙන් ඉවත් කරයි.ප්‍රයිවට් කැම්පස් එකක් වුවත් නීති ඉතාමත් දරුණු ය.
මල්ලි ඔයා යන්න දැන්.
මෙතෙක් වෙලා ඇගේ හැසිරීම් දෙස බලා සිටි දමීෂ එතැනින් නික්මෙන්නට විය. නමුත් නැවතත් හැරී ඈ දෙස බැලුවා.ඒ මේ විනාඩි කිහිපයට දමීෂ ඇයට ආදරය කරන්නට පටන් අරගෙන තිබුනු නිසයි.
ඒ සිදුවීමෙන් පසු වසූද සහ සගයන් නැවත කැම්පස් පැමිණියේ නැත.දමීෂ සුපුරුදු ලෙස ඉගෙනුම් කටයුතුවල නිරත විය. නමුත් යසස්වී හට බැදුණු ඔහුගේ සිත තව තවත් ඇයට බැදෙන්නට විය. ඒත් ඔහුගේ ආදරය ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි විය.එයට හේතුව යසස්වී දමීෂට වඩා අවුරුදු 2න් වැඩිමල් වීමත් ඇයට මේ වන විටත් පෙම්වෙතකු සිටීමත් ය.දිනක්,
මල්ලී..
දමීෂ ලයිබ්‍රියේ සිට කැපටේරියා එකට යන අතරතුර හුරුපුරුදු කටහඩකින් කතා කරනවා ඇහුනා. හිතෙ සැකෙන් හැරී බලන විට ඔහු පිටුපස සිටියේ යසස්වීයි.
මටද කතා කලේ.
ඔව් මල්ලි. අපේ 30st නයිට් එකට ඔයාගේ සිගින්ග් අයිටම් එකක් දාන්න..
දමීෂට පුදුම සිතිනි රැග් සිදුවීමෙන් පසුව ඇය ඔහු හා කිසිදු කතාවක් නොවීය. දමීෂ ඇයට සිතින් පමණක් ආදරය කරන බව සැබෑය. නමුත් මෙවැනි ඉල්ලීමක් ඈ විසින්ම සිදු කිරීම පුදුමයකි.
අනේ මල්ලි බැරිද. ප්ලීස් ප්ලීස් මන් වෙනුවෙන් කියන්න. මන් යාලුවො එක්ක ඔට්ටුවක් දැම්මා ඔයාගෙ සින්ගින්ග් අයිටම් එක්ක කරනවාමයි කියලා.
ඒත් ඔයා කොහොමද දන්නේ මට සින්ග් කරන්න පුලුවන් කියලා.
මෙතෙක් වෙලා ඇය හුරතල් ලෙස ඔහුගෙන් කළ ඉල්ලීම දෙස බලා සිටි දමීෂ ඔහුගේ හිතේ ඇති වුණු ප්‍රශ්නය ඇගෙන් විමසුවා.
අයියෝ මන් විතරක්යැ. මේ කැම්පස් එකේ හැමෝම දන්නවා ඔයාලගෙ බැජ් එකේ බෙස්ට් සින්ග්ර් ඔයා කියලා.අපි ඔයාලගේ ප්‍රෙෂර් නයිට් එකක් තිබ්බේ ඒකටනේ.
හ්ම්ම් හාකො හකො
එහෙනම් ඔයා සින්ග් කරනවානෙ නේද
ඇය සතුටින් උඩ පනිමින් දමීෂගෙන් ඇසුවා
හ්ම්ම් ඔව්, ඔයා වෙනුවෙන් , මොකද මන් වැඩියෙන්ම ආදරේ කරන මගේ වස්තුවගෙ ඉල්ලීමක් මන් අහක දාන්නෙ කොහොමද ම්ම්ම්..
සතුටින් උඩ පනිමින් සිටි යසස්වී අසලට ගොස් ඇගේ කම්මුලක් මෘදුව දමීෂගෙ අතකින් අතගාමින් ඇගේ ඇස් දෙස එක එල්ලේ බලාගෙන එසේ කිවූ දමීෂ ආපසු හැරී යන්නට විය.
මෙතෙක් වෙලා ඔහුගේ වදන් වලට ගල් ගැසී මෙන් සිටි යසස්වී ඔහු යන දෙස බලමින් කල්පනා කළේ ඔහුගේ ස්පර්ශය නිසා තමාට සිදුවූයේ කුමක්ද කියලයි. ඇයගේ ආදරවන්තයා වූ පබසරද ඇයව කෙතරම් ස්පර්ශ කර තිබුණත් දමීෂගෙන් ලද ස්පර්ශය ඇයව වෙනමම ලෝකයකට ගෙන ගිය බව ඇයට දැනුණි.
දිනෙන් දින යසස්වීටත් රහසින් යසස්වීගේ සිතේද දමීෂ පිලිබඳව කිසියම් පෙරලියක් සිදුවෙමින් තිබුණා. එම පෙරලියට ඇගේ සිත කෙතරම් කැමති වුවත් ඇය එම පෙරලියට බය විය. ඇය මේ වෙනවිටත් තේරුම් අරගෙන තිබුණා ඇගේ පෙම්වතාට වඩා ඇය දමීෂට ආදරය කරන බව.නමුත් ඇයට පබසරට පිටුපෑ නොහැකි විය.ඒ ඔවුන්ගේ සම්බන්ධය මේ වන විටත් කැම්පස් එකම දන්නා අතර නිවෙස් වලින්ද ඊට කැමැත්ත ලැබී තිබුණි නිසයි.
යසස්වී සෑම විටම තමන්ගේ හිතෙ දමීෂට ඇති ආදරය සගවන්නට මහත් වෙහෙසක් දැරුවා.එම නිසාම දමීෂගේ සහ යසස්වීගේ සිත් බැදුණාට හිමිකම් කීමට නොහැකි වුණා. දෙදෙනාම ලොවට හොරා සිතින් බැදුනු පෙම්වතුන් විය.
#කදුළු_බිංදුව
💜💛💙💜💛💙නිමි💜💛💙💜💛💙
No comments:
Post a Comment