සිහින මන්දාකිනි


💕
💕

💚💚💚සිහින මන්දාකිණි 💚💚💚

ඩයරිය අරගෙන මන් මගේ සුපුරුදු ගල උඩට ආවේ හන්තාන කන්ද උඩ ඉද්දී මුලු නුවරම ලස්සනට පේන නිසා...

මටම කියලා මගෙම කියලා දෙයක් තියනවා නම් මට තිබුනේ ගෙදරින් එන්න කලින් දවසේ මන් ඇල්බම් එකෙන් ගත්ත ෆැමිලි ෆොටෝ එක විතරයි...

ලොකූ හුස්මක් අරන් ෆෝටෝ එක දිහාම බලන් හිටියේ නුවරට ඇවිත් අවුරුදු තුනක් උනත් තාමත් මන් ආසම දේ ඔයාලව දකින එක නිසා..

අම්මා...ඔයාලා හොදින් නේද...😊😊😊😊😊
ඇස් වලින් කදුලු වැටෙද්දිම ඒ වියපත් මුහුන මගේ ඇස් මානේ ඇදුනා...

මගේ අම්මාට දැන් අඩුයි නේද අම්මා...තාමත් ඔයාගේ අසනීපේ අඩු නැද්ද අම්මා...😔😔😔😔

මගේ අම්මා...මම මේ ලෝකේ ආසම වචනේ අම්මා..ඒත්...මගේ අම්මා...😖😖😖😖

මගේ අක්කා මල්ලීලා දෙන්නා තාත්තා මම අම්මා...මගේම පවුල...අපි තමා ගමේම හිටිය වැදගත්ම පවුල...මගේ අම්මා ගුරුවරියක්...

තාත්තා බිස්නස් කලේ...අපිට හැමදේම තිබ්බා....ආදරේ සතුට හිනාව හැමදේම...

ඒත් මන් දෙවනි පාර එක්සෑම් කරනකන් විතරයි...හැමදේම වෙනස් වෙලා ගියා...😰😰😰😰😰

එදා මූසල දවසක්...මායි මගේ ලොකු මල්ලී ක්ලාස් ඇරිලා ආවේ කලින්...වෙනදට අපිව අරන් යන්න තාත්තා එන්නේ එයා ගෙදරට යන්නෙත් ඒ වෙලේ නිසා...

මායි මල්ලි ගෙදර ගියාම අපිට ගෙදර ඇතුලෙන් ටිකක් ලොකු සද්දයක් ඇහුනා...

ගෙදර තාප්පෙන් වට වෙලා නිසා පිට අයට අපේ ගේ ඇතුල පෙවුනේ නෑ..මන් මල්ලිගේ අත තද කරලා අල්ලා ගත්තේ ගේ ඇතුලෙන් එන කෙදිරිල්ල වැඩි නිසා...

හිමින් අඩි තියලා මන් මල්ලිගේ උරහිසේ හැන්ගිලා වගේ පිටිපසසට ගියාම දොර ඇරලා තිබ්බා දැක්කා..

අපි දෙන්නාම එකටම වගේ ගේ ඇතුලට ගියේ...අදහන්න..ඒ දසුන මන් මේ ලෝකේ දැකපු අවලස්සනම හීනේ...

මගේම තාත්තයි ගෑනු කෙනෙකුයි...ඇගේ නූල් පටක් නැතුව මගේ අහින්සක අම්මාගේ ඇද උඩ...😱😱😱😱

ගැහුවා මන්..අතට අහු උන හැමදේම දමලා ගැහුවා...කෑ ගහලා ඇඩුවා...දෙවියනේ මේ මගේ තාත්තා...මගේ මුලු ජීවීතේම උන තාත්තා...මගේ ලෝකේ වීරයා..මේම 😰😰😰😰

හිතේ තිබ්බ කේන්තියටම මම සපත්තු දෙක පවා ගලවලා දමලා ගැහුවා...පිලිකුල් උනා මට...මගේ මල්ලී මගේ දිහා ඔහේ බලන් හිටියා...

මන් මල්ලිගේ අතින් ඇද්දත් මල්ලි ගලක් වගේ හිටියා..මල්ලී දෙවියනේ කතා කරන්න...මල්ලියෝ අනේ...😭😭😭😭😭

මන් මගේ මල්ලිගේ අතින් ඇද්දා...නෑ ඒහ් ඇස් වල කදුලු වැටිලා යනවා...මන් ඒ පපුවටම බර උනාම මගේ මල්ලිගේ මුවින් පිට උනේ එක වචනයයි...සදූ....

සදූ ඇයි දෙවියනේ මේ...ඇයි...😭😭😭😭😭

ඒ නමත් එක්ක මන් ගැස්සිලා බැලුවේ සදූ ඒ මගේ මල්ලිගේ ආදරේ නිසා...ඔව් ඒ සදුනිම තමා...මායි මල්ලි නිවුන්නු...මල්ලි මට හැමදේම කීවා..මන් සදූ ගැන අහද්දි අද කෙල්ලට උන කියලා මල්ලි කීවේ..

ඒත් මගේ තාත්තා සදූ එක්ක මේම ඉන්නවා කියද්දි...

කියන්න සදු මන් උබට ආදරේ කලා වැඩීද...කතාකරපන්..උබේ හැමදේම නෑ කීවම උබේ අහින්සක කමට ආදරේ කලාම උබ මගේ තාත්තා එක්ක...😡😡😡😡😡

මගේ ඇස් නිලංකාර උනා..මල්ලිගේ පපුවට වත්තන් උනේ මන් මැරිලා වැටෙයි කියන බයට...

අම්මා අක්කා හැමදේම දැනගත්තාම වෙන වෙනම කාමර වල අඩද්දී පිස්සියක් වගේ මන් මගේ ලොකූගේ පපුවට බර වෙලා ඇඩුවා...මගේ ලොකූගේ ඇස් වල එක කදුලක් තිබ්බේ නෑ...

අඩලා අඩලා අපි උදේම ක්ලාස් යන්න ගියේ පයින්ම ගිහින් බස් එක අල්ලා ගන්න ඕන නිසා...සුදු චූටී ඔයාට යන්න බෑ නම් අපි නොයා ඉමු...😌😌😌😌

බෑ ලොකූ යන්...මට රුවන්වැලි සෑයට යන්න ඕන...අපි යන්ද...😞😞😞😞😞

යන් චූටියෝ...මාව අල්ලන් මල්ලි පාර පැන්නේ සෑයට යන්න...මල් කඩෙන් මල් අරන් මල්ලි පාර ගාවට ඇවිත් කෑගැහුවාම මන් අතින් අනිත් පැත්තට එන්න කීවේ ඇතුල් වීම මන් ඉන්න පැත්තේ තියන නිසා...

මල් හැමතැනම විසිරිලා යද්දී මන් මර ලතෝනී දුන්නේ ලේ වැක්කිරිලා මගේ ලොකූ වැටිලා ඉන්න නිසා...😭😭😭😭

අනේ ලොකූ මගේ මැනික ඇස් අරින්න ලොකූ...කතා කරන්නකෝ චූටී කියලා...අනේ ලෝකූ...මගේ පැන්චෝ...😭😭😭😭😭

ලොකූගේ ඔලුවෙන් ලේ වැක්කෙරෙද්දී මන් මගේ උකුල උඩට අරන් කෑගැහුවා...මේ මගේ පනනේ..නැගිටින්න දෙයින්නේ මන් මැරෙයි වස්තුව...ඇස් අරින්නකෝ...😭😭😭😭

බුදුසාදූ මගේ මල්ලිව මගෙන් ගන්න එපා...එයාට ඇස් අරින්න කියන්න...එපා කියන්න විහිලු කරන්න......නෑ මල්ලි ඇස් ඇරියේ නෑ...ගියා යන්නම ගියා...සුදුචූටීව දාලා ගියා...

මලගෙදරට ආපු කෙනෙක්වත් මන් දැක්කේ නෑ...නින්දක් නැතුව ඒ මූන අල්ලා අල්ලා හිටියා ඇරෙන්න මට සිහියක් තිබ්බේ නෑ...කෑමක් බීමක් මට ගානක් උනේ නෑ...මිනිය වලලලා හත් දවසේ දානේ දෙද්දී සදූ ආවා...සුදුම සුදු ඇදගෙන...

මගේ හිතේ දුක වේදනාව තරහක් උනේ තප්පර ගානකින්...උබ උබ ඇයි ආවේ...මගේ මල්ලිගේ මල බත කන්නද බැල්ලී...පල මගේ ගෙදරින් එලියට...මගේ මල්ලිව මරාගත්තා තොපි ඔක්කොම...😡😡😡😡😡

මරනවා මන් උබලාව...මරලා පෙති කපනවා...කෑ ගැහුවේ හිතේ වේදනාවට උනත් තාත්තා මගේ කම්මුලට ගහගෙන ගියේ පිස්සෙක් වගේ...මගේ කනකින් ලේ එනකන් මට ගැහුවා...

අදහන්න මට දැනුන් නෑ...මට වේදනාවක් දැනුනෙම නෑ...ගලක් වගේ දරාගෙන මන් නැගිට්ටා...තාත්තගේ කොලර් එකෙන් අල්ලන් ඒ මූනටම පාත් උනා...

මන් තෝව මරනවා..බල්ලා..තෝවයි ඒකිවයි කපලා මරනවා...උබ මගේ තාත්තා නෙවේ...👿👿👿👿👿

මම් කෑ ගැහුවාම අම්මා මාව අරන් ගිහින් කාමරේට දාලා වැහුවා...ඇඩුවා...එයාලා තීරනයක් අරන්..අක්කා මල්ලී ගැන හිතලා නම්බුව ගැන හිතලා මාව දරුකමෙන් අයින් කලා...

මට තිබ්බ ඇදුම් දෙක තුනක් අරන් මන් මගේ බැංකු පොතත් ගත්තා...කනේ කරාබු දෙකයි මාලෙයි ගත්තා..ඊලග දවසේ උදෙන්ම එකතු කරපු සල්ලි ටිකත් අරන් නුවර යන්න ගියේ මගේ මතකෙට සමු දෙන්න...

නුවරට ඇවිත් මන් බෝඩිම් කෑල්ලල් හොයාගත්තා..හන්තාන මුදුනේ තිබ්බ චූටි ගෙදර මන් සල්ලි වලට ගත්තා...තාත්තා මගේ පොතේ ඒ වෙද්දී ලක්ශ තුනක් වගේ දාලා තිබ්බා...ඔක්කොම අරන් ගෙදර අවුරුදු තුනකට අරන් උයන පිහන බඩුත් ගත්තා...

හැමදේම අරන් නුවරට වෙලා ඉද්දී මට මගේ යාලුවෝ කතා කරලා ගෙදර තොරතුරු කීවා...එයාලා හොදින්ලු...මුල් දවස් වල මන් ඇඩුවා...මගේ මල්ලි මගේ අත් දෙක උඩ හුස්ම ඇරපු හැටි...චූටී කලේ මට හැමදේම දීලා එයා සතුටු උන හැටි..ඒහ් හැමදේම සුසුමක් වෙලා මගේ පපුවෙන් එලියට ගියා...

මට ඕන කලේ මගේ මහන්සියෙන් සල්ලි හම්බ කරලා මගේ මල්ලී නමින් කිරිපිඩු ටිකක් හරි පූජා කරන්න...හිතේ සැනසීම හෙවුවේ නෑ මන් වැඩකලා...රටකජු පැකට් කලා..එක පැකට් එකක් රැපියලයි...මන් ඒත් ඒක කලා...

එතකොටයි මගේ ජීවිතේට ආදරේ ආවේ..නමින් ප්‍රබාශ්..එයා ආදරේ කලා මට....මන් ඒම හිතුවා...අවුරුදු දෙකක්ම මන් මගේ තාත්තා මල්ලි පවුල එයා කරන් ආදරේ කලා..එයාගේ අම්මාට පවා...

ඒත් මගේ නොලැබීමටම එයාලා මාව ලෙඩ ගැනියෙක් කීවා..ඒ වෙද්දිත් මන් හයිපොතයිරොඉඩ් කියන පිලිකාවකින් දුක් වින්ද නිසා...මට දරුවෝ නෑ කීවා...මන් අම්මා කීව කෙනාම මට කියන්න ඕන කියලා හිතුන වචන වල හොදම වචන වලින් බයිද්දිත් මන් අහන් හිටියා...

එදා වගේම අදත් මන් නිහඩව ඒ වචන විද දරාගත්තා...මගේ ආදරේ එයා මාව අතෑරියා...එයාට හේතු ගොඩක් තිබ්බා මාව දාලා යන්න...ලමයෙක් නොහදා මන් වද ගෑනියෙක් කීවා..ඊට වඩා එයාගේ කලින් ගර්ල් ලස්සනයි කිවා..එයාලට දරුවෙකුත් ඉන්නවා කීවා...

මගේම ඇස් ඉස්සරහා මගේ ආදරේ සීමාවන් බිදිලා ගියා..කකුල් දෙක අල්ලන් මන් වැන්දා...අනාතයෙක් වගේ...හිගාකෑවා මන් මගේ ආදරේ...

මන් ඔයාගෙමයි කීව එයාගේ මුවින් ඇහුනේ ජීවිතේ අහන්න පුලුවන් නරකම වචන ටික...

මන් ජීවත් උනා...මැරිලා වගේ ජීවත් උනා..ඒක කොහෙම ජීවීතයක් උනත් ජීවත් උනා.නොකා නොබී හූල්ල හූල්ල ජිවත් උනා...මට අරමුනක් තිබ්බා යන්න ඕන...ඒ මගේ මල්ලිගේ ආසාව..ඒ වෙනුවෙන්  මන් හුස්ම ගත්තා...

ලොකූ හුස්මක් පිටකලේ හැමදාම වගේ අදත් මගේ හිතට අතීතේ මතක් වෙන නිසා...මගේ අක්කා බැන්දා..අම්මා තාත්තා නොදැක අදට අවුරුදු තුනයි...

මන් හොරෙන් ගිහින් එයාලා බලලා ආවත් අනිවාරෙන් ඊලග දවස වෙද්දී අම්මා කෝල් කරලා මට බයිනවා...එයාලා මාව ජීවිත වලින්ම අයින් කරලා...

තනිකමට මන් හුරු වෙද්දී ඒහ් තනිකම ගැන මගේ අතින් කවි ලිය උනා..නිසදැස් ලිය උනා...ඒවා මන් පොඩි පොතක එකතු කලේ මට ඒ හැමදේම වටින හන්දා..

මන් ටවුන් එකේම ඇවිදලා මල්ලිගේ හීනෙට යන පාර හොයාගත්තා...මන් දැන් එයාගේ හීනේ වෙනුවෙන් ජීවත් වෙනවා...ඒ හීනේ පාට කරන්න හුස්ම ගන්නවා...

මගේ අතින් නවකාතාවක් ලියවෙන්නෙත් මගේ ගුප්ත හැගීම් එක්ක...මගේ වටා මට ආදරේ කරන පාඨකයෝ පිරිසක් එකතු වෙද්දී මගේ මල්ලි මන් ගාවම හෙවනැල්ලක් වගේ හිටියා...

මල්ලා අපි ඇතුලට යමු නේද...😊😊😊😊
බෑ සුදු චූටී ඇයි අද දුකෙන් ඉන්නේ කියන්න...😔😔😔😔

හෙට වැලන්ටයින් ලොකූ...අනිත අය සමරද්දී සුදු චූටි තනි වෙලා...😪😪😪😪😪😪

වැලන්ටයින් කියන්නේ එක ආදරයක් චූටී...ඒත් අද ඔයාට ඊට වඩා හදවත් කීයක් ආදරේ කරනවද...ඒ මදිද මගේ පැටියාට 😘😘😘😘😘

මට ඇති ලොකු...අනිත් අයට උරුම එක ආදරයයි...ඒත් මට ගොඩාක් අය ආදරෙයි...😍😍😍😍😍

යන්..අද මන් ඔලුව අතගාන්නම්...හොදටම රූ වෙලා සුදු චූටී හෙට වැඩ ගොඩයිනේ අපිට...නිදා ගමු...😊😊😊😊

මන් ඩයරිය අරන් නැගිට්ටේ නිදාගන්න ඕන නිසා...ආදරේ ඒක හොයන්න යන්න එපා...ආදරේ ඔයාලව හොයන් ඒවී...😊😊😊😊😊

ලන් වෙලා වස්සානයේ...
උද්‍යානයේ පුරා .....
වෙන් වෙලා ගිම්හානයේ...
දුක් වේදනා දරා...
කදුලින්ම ගී ගැයූ සමනල්...
යාලුවේ අසන්....
සිත් යාය මත අපේ....
මල් යාය යලි පිපේ....

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

වැලන්ටයින් සමරන අයට නැති අයට තෑග්ගක්...මේක අපි ගොඩක් හොදට අදුනන කෙනෙක්ගේ ජීවීත කතාවක්...මන් සාදරනයක් කලා කියලා හිතනවා...

ආදරේ ඒක අපිට ලැබෙන විදිය වෙනස්....හොයන්න එපා...ආදරේ ඔයාව හොයන් ඒවී

දිණී සේමසිංහ
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment