******කළින් හිටපු මාව දැන් මට හොයා ගන්නවත් බෑ ............... *************
( කෙටි කතාව )
" මාව දාලා යන්න එපා තරූ.මට ඔයා නැතුව ජීවත් වෙන්න බැරි වෙයි.... "
මං එහෙම කිව්වේ තරූ මාව දාලා යනවා කියලා දැනගත්ත මොහොතේ...
මං කොච්චර ඇඩුවත් ,මට එයා නැතිව ජීවත් වෙන්න බෑ කියලා කිව්වත් තරූ මාව දාලා ගියා....
ඇත්තම කිව්වොත් දාලා ගියා නෙමෙයි..
එයා මට පේන්නම එයාගේ අලුත් ගර්ල් ෆ්රෙන්ඩ් එක්ක අපේ ඔෆිස් එකටම ආවා ...
ජීවිතේට කවදාවත් නොදැනුන විදියේ පුදුම දුකක් දැනුනේ...
මං ආදරේ කරපු , මට ආදරේ කරනවයි කියලා හිතුව මගේ තරූ මට පේන්නම වෙන කෙනෙක්ට ආදරේ කරද්දි මට ඒක දරා ගන්න බැරි උනා..
මං ඇඬුවා.ගොඩාක් ඇඬුවා.වෙලාවකට මැරෙන්න තරම් හිතුනා..මෙච්චර වේදනාවක් මං කොහොමද දරාගන්නේ කියලා හිතුනා ..
ඒත් මගේ රත්තරං අම්මගෙයි තාත්තගෙයි මූන මතක් වෙද්දි මට මැරෙන්නවත් හිත හදා ගන්න බැරි උනා...මං තරූව අමතක කරගන්න බැරිව අඬද්දි මං අඬනවා කියලා දැක දැකත් තරූ එයාගේ ආදරේ එක්ක හිනැහුනා.
මට අහන්න ඕන උනා ඇයි මාව එපා උනේ කියලා.ඇයි මාව දාලා ගියේ කියලා .මගෙන් උන වැරැද්ද මට අහගන්න ඕන උනා.
ඒත් කවදාවත් තරූට ඒවා අහන්න වෙලාවක්වත් උවමනාවක්වත් තිබුනේ නැ.එයා ආදරෙන් මත් වෙලා වගේ හිටියේ...
අන්තිමට එයාලා මැරි කලා.ලොකුවට වෙඩින් එකක් අරගෙන තරූ එයාගේ ආදරේ අයිති කරගත්තා. ....
මං තනි උනා......
දැන් හැමදේම වෙලා තරූ මැරි කරලත් අවුරුදු ගානක් වෙනවා.ඒත් අදටත් මං තනියම ඉන්නේ...
මගේ ජීවිතේ තරූගේ තැන ගන්න පුලුවන් විදියේ කවුරුවත් නැ.
කාටවත් ඒ තැන දෙන්න මට උවමනාවකුත් නැ.... මං හිතුවේ එහෙම
තරූ මාව දාලා ගියාට මං එයාගේ මතකෙන් ජීවත් වෙනවා කියලා හිත හදාගෙන මං ජීවත් උනා....
දැන් තරූ මාව දාලා ගිහින් අවුරුදු 20ක් විතර වෙනවා ...අම්මා තාත්තා නැති පාලු ගෙදරක තනිවෙලා මං අදටත් ඔෆිස් යනවා.
මං ගැන හොයන්න කෙනෙක් නැ.අසනීපයක් උනත් බේත් වේලක් දෙන්න තරම් කෙනෙක් මට නෑ.ජීවිතේ තනිකම කියන දේ අද මට හොඳටම දැනෙනවා....
මං මගේ ජීවිතේ හොදම කාලේ නොලැබෙන ආදරයක් වෙනුවෙන් කැප කලා
....
ඒත් අන්තිමට මට ඒකෙන් ලැබුනේ තනිකමක් ,දුකක් විතරයි.....
මං මේ කතාව ඔයාලට කියන්නේ ඇයි කියලා දන්නවද.
අද මට අවුරුදු 20 ට පස්සේ මගේ හොදම යාලුව උන නදීගේ දුවගේ වෙඩින් එකේදි තරූ ව හම්බුනා.වයිෆු යි එයාගෙ ළමයි දෙන්නයි එක්ක එයා ඇවිත් හිටියේ...
දන්නවද මගේ පපුව පිච්චිලා ගියා...
දෙය්යනේ මං පන ඇරලා ආදරේ කරපු මගේ තරූ අවුරුදු ගානකට පස්සේ මගේ ඇස් ඉස්සරහම ඉන්නවා.එයා වගෙම නපුරු පාට මං ආසම විදියේ ඇස් දෙකක් තියෙන ලස්සන පුතාලා දෙන්නෙක් එක්ක වයිෆ්ගේ අත අල්ලගෙන එයා පරණ යාලුවෝ සෙට් එක වට කරගෙන ලොකු කය්යක් ගහනවා.
මට මොනවද උනේ කියලා හිතා ගන්න බැරි උනා. මං ඉක්මනින් තරූ ළගට ගිහින් එයාට කතා කලා....
" තරූ ...., "
" කොහොමද දෙය්යනේ ඔයාට .... "
මගේ ඇස්වල කඳුලු පිරිලා....
ඒ අවුරුදු 20 කින් මගේ ආදරේ දැකපු සතුටට.
මං මගේ ජීවිතේම කැපකරලා හිත අස්සේ පරිස්සම් කරපු මගේ ආදරේ නේද මේ කියලා හිතුනා.....
මං හිතුවේ තරූටත් මාව දැකලා මට වගේම සතුටු ඇති කියලා...
ඒත් ,,,,
තරූ මං දිහා බැලුවේ ජීවිතේ පලවෙනි පාරට මං එයා එක්ක කතා කලා වගේ...
"සොරි මිස්... "
" මට ඔයාව අඳුර ගන්න පොඩ්ඩක් විතර අමාරුයි...... "
තරු එහෙම කියද්දි මට ඇහුනේ එයා වෙන ලෝකෙක ඉදන් මට කතා කරනවා වගේ.මට අැහුනේ අසිහියෙන් වගේ...
මගේ ඇස්වලින් කඳුලු පැන්නා.මං ගැන හැමදේම දන්න නදී මගේ අතින් අල්ල ගත්තා.නැත්තම් මං එතනම කලන්තේ දාලා වැටෙයි කියලා හිතුනා.
" ඇයි තරූ ඔයාට මතක නැද්ද ඔයා නිශාව මැරි කරන්න කලින් යාලුවෙලා හිටිය ධනුකිව..මේ එයා තමයි.. "
නදි කිව්වේ වෙනදේ බලන් ඉන්න බැරි තැන වෙන්න ඇති.එයා දන්නවා මං තරූ ට කොච්චර ආදරේ කලාද කියලා...මං මුලු ජීවිතේ ම තනියම ඉන්නේ මගේ තරූට දුන්න ඇදරේ වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා කියලා එයා දන්නවා..
ඒත් දෙය්යනේ මගේ තරූ , එයාට මාව ඇත්තටම මතක නැතුව වත්ද,
මට ඕන උනේ එයාට මාව මතකද නැද්ද කියලා දැනගන්න.මං ඇස්දෙකේ කඳුලු පුරවගෙන තරූ ගෙන් උත්තරයක් එනකන් බලන් හිටියා ...
" ආ... ධනුකි කිව්වේ ..."
"" අය්යෝ මේ අර ඉස්සර හිටපු පිස්සු කෙල්ලද "
" කාටද අනේ ඒ කාලේ කරපු දේවල් දැන් මතක තියෙන්නේ ... "
" ඇත්තටම ධනුකි මට අමතකත් වෙලා හිටියේ මැරි කරන්න කලින් යාලුවෙලා හිටියේ ඔයත් එක්ක කියලා....
දැන් අවුරුදු කීයක්ද නේද.කාටද ඒකාලේ ඒවා මතක තියෙන්නේ නේද
ඇත්තටම දැන්නම් ලැජ්ජත් හිතෙනවා ඒකාලේ කරපු පිස්සු වැඩ මතක් වෙද්දි ...
පුදුමයි ඔයාට මාව මතක තිබ්බා ""
" ඉතිං කියන්නකෝ ධනුකි .කෝ ඔයාගේ හස්බන්,බබාලා වෙඩින් එකට ආවේ නැද්ද .?
මංනම් ඉතිං යන හැම තැනම යන්නේ නිශායි පුතාලා දෙන්නයි එක්ක තමා ...
මගෙ මුලු ජීවිතේම දැන් එයාලා තමයි... "
" ඇයි ධනුකි ඔයා අඬන්නේ..
කෝ ඔයාගේ හස්බන් ...... "
ඉතිං තව මොනවා කියන්නද ,
මොනවා අහන්නද,
දෙවියනේ මගේ ජීවිතේ .
මං මගේ තරුණ කාලය , ආදරය , ජිවිතය කැපකලේ මාවවත් මතක නැති පිරිමියෙක් වෙනුවෙන් නොවේද,අද මට කිසිත් හිමිනැත.
සැමියෙකු දරුවෙකුද නොමැත.ආපසු හැරිමට කාලයකුදු නොමැත
විකල් වි ගිය හිසින් යුතුව හඬමින්ම මා ඉවතට ගියේ ජිවිතේ පලමු වරට ආදරය වෙනුවෙන් මේ සා කැපකිරීමක් කල මටම සාප කරමිනි.
........
ජීවිතය යනුමෙයද ?
ආදරය යනු මෙයද ?
තීරණය ඔබ සතුය..........
පසුව ලියමි -
ආදරය යනු ජීවිතයම නොවේ.
එය ජීවිතයේ කොටසක් පමනි.
ඔබට ජීවිතයේ කොටසක් නැතුව ජීවත් විය හැක
නමුදු ජීවිතයම නැතුව ජීවත් විය නොහැක .
කිසි දින ජීවිතය පරදුවට තබා ආදරය නොකරන්න...
හර්ෂණි සමන්ති විමල්සිරි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment